- 1930 පෙබරවාරි 3 වැනිදා මොරටුවේදී නව බෞද්ධ මිශ්‍ර පාසලක්, එනම් ද සොයිසා බෞද්ධ මිශ්‍ර පාසලක් ආරම්භ කරන ලදී.
- විද්‍යාලයේ නිර්මාතෘවරයා වූයේ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිදුන්ගේ පුත්‍ර ආර්. එස්. ද සොයිසා මැතිදුන් ය.
- ආරම්භක විදුහල්පති වූයේ ඒ.ඩී චාල්ස් ද අල්විස් මහතාය.
- සමාරම්භක අවස්ථාවේ සිටියේ සිසුන් 10 දෙනෙකු පමණි.
- අද මොරටුව ද සොයිසා ම.වි. සිසුන් 300 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ද්විතීයික අංශය 6 සිට 13 දක්වා ක්‍රියාත්මක වේ.
- පාසල උසස් පෙළ සිසුන් සඳහා වාණිජ විෂයයන් සහ කලා විෂය ධාරාවන් පිරිනමයි.
- විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සදහා විශේෂ අධ්‍යාපන ඒකකයක් ද විදුහලේ ක්‍රියාත්මක වේ.








